Posted on 01.09.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
සිංහරාජ වනාන්තරය හා එහි පේ‍්‍රරණ කලාපය දෙකඩ කෙරෙමින් ලංකාගම සිට කැකුණ ඇල්ල හරහා මේ වනවිට දැවැන්ත වන සංහාරයක් කරමින් මාර්ගයක් ඉදිකෙරමින් පවතිතැයි පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය කියයි.
මේ සඳහා අරමුදල් සපයා ඇත්තේ ලෝක බැංකුවේ දේශගුණ විපර්යාස අවම කිරීමේ ව්‍යාපෘතිය විසින් යැයි ද ලෝක උරුමයක් වන වනාන්තරයක් විනාශ කිරීමෙන් දේශගුණ විපර්යාස අවම කරන්නේ කෙසේ ද යන්න ලෝක බැංකුවෙන් විමසා සිටිය යුතු යැයි ද පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වෑකඳවල රාහුල හිමියෝ පැවැසූහ.
මේ වනවිටත් සිංහරාජයේ කුඩව ප‍්‍රදේශයේ සංචාරකයින්ගේ පහසුව තකා යැයි පවසමින් කිලෝමීටර් දෙකක් දුර පාරක් ඉදිකර ඇතැයි ද අති සංවේදී පරිසර පද්ධතියක් මැදින් මෙම පාර ඉදිකර ඇත්තේ කිසිදු සංරක්ෂණ ක‍්‍රියාවලියක් ගැන නොසිතා ඩෝසර් යොදාගෙන පමණක් යැයි ද උන්වහන්සේ පැවැසුහ.
මෙම මාර්ග ඉදිකිරිම ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ පූර්ණ අනු දැනුම මත සිදුවන බව පැවසේ. මේ හරහා සිංහරාජයට වන හානිය පිළිබඳව, සිංහරාජය ලෝක උරුමයක් ලෙස නම් කරන ලද යුනෙස්කෝ සංවිධානයට පැමිණිලි කළ බවත් ජනාධිපති අගමැති වන සංරක්ෂක ඇතුළු අදාළ සියලූ අංශ වෙත දන්වා යැවු බවත් රාහුල හිමියෝ කීහ.
2011 සිට 2030 දක්වා වූ ජාතික භෞතික සැලැස්ම අනුව සිංහරාජය දෙකඩ කරමින් මාර්ග ඉදිවන බව තම සංවිධානය 2013 දී පෙන්වා දුන් බව ද උන්වන්සේ පැවැසූහ.