Posted on 09.03.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් පිරිසකට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන නඩුවේ සාක්ෂි සටහන් කරගැනීම ඊයේ (02) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ ආරම්භ විය.
මෙහිදී නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටින ප්‍රගීත් එක්නැළිගොඩ මාධ්‍යවේදියාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැළිගොඩගේ සාක්ෂි සටහන් කර ගැනීම සිදු විය.
ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි සටහන් කර ගැනීම ලබන 04 වන දා තෙක් කල් තැබිණි.