Posted on 02.08.2018 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
පසුගිය යුද සමයේ දෙහිවල ප්රදේශයේ තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට හිටපු නාවික හමුදා ප්රකාශක, කොමදෝරු ඩී.කේ.පී. දසනායක ඇතුළු පිරිසට එරෙහි පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කරන ලෙසට ඔහුගේ නීතිඥවරයා අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීම පෙබරවාරි 22වැනිදාට කල්දමන ලදී.
2008 – 2009 අතර කාල සීමාෙව් දෙහිවල ප්රදේශයේ තරුණයන් 11 දෙනෙකු බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විත්තිකරුවන් 09 දෙනෙකුට එරෙහිව චෝදනා එල්ල මෙම නඩුව කොළඹ – කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න හමුවේ අද කැදවන ලදී. විත්තියේ මෙම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජේ්යෂ්ඨ අධි නීතිඥවරයා සිය විරෝධය පළ කළ අතර ඒ අනුව විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය ලබන 22 වනදා ලබාදෙන බව කොටුව මහේස්ත්රාත්වරිය විසින් දන්වා සිටිනු ලැබිණි.