தமிழ்
English
Contact
Sunday 5th May 2019    
ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සංවිධාන කිහිපයක් විරෝධතාවක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සංවිධාන කිහිපයක් විරෝධතාවක



ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරමින් ව්‍යවස්ථානුකූලව කටයුතු කරන්නැයි ජනාධිපතිවරයාට බල කරමින් සිවිල් සංවිධාන නියෝජිතයන් පිරිසක් ඊයේ (12) කොළඹ ලිප්ටන් වටරවුමේ උද්ඝෝෂණයක නිරත විය.

මේ සඳහා අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව, අලූත් පියාපත් (The New Wings), අලූත් පරපුර, කාන්තාව හා මාධ්‍ය සාමුහිකය, චිත‍්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංසදය, දිදුලන හදවත (Shining Heart), ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා සමනල්ලූ (Butterflies for Democracy), ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදය උදෙසා මාධ්‍ය මෙහෙයුම, මාරුතයේ හඬ, යහපත් සමාජයක් වෙනුවෙන් ලේඛක ලේඛිකාවෝ, රයිස් අප් ශ‍්‍රීලංකා (Rise Up Sri lanka), සමාජ සමානාත්මතාව සඳහා විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය , ශ‍්‍රී ලංකාවේ කාන්තාවෝ (Srilankan Women’s), සාධු ජනරාව, සමබිම යන සංවිධාන ඇතුළුව කලාකරුවන් සාහිත්‍යවේදීන් විද්වතුන් මෙන්ම සමාජ ක‍්‍රියාකාරීන් රැසක් සහභාගි වී සිටියහ.

ඡායාරූප උපුටාගැනීම ‘විකල්ප’ ෆේස්බුක් පිටුවෙනි