Posted on 07.17.2021 by Sithara Sajeewani in කලා with 0 Comments
ප්‍රවීණ ගීත රචක කැමිලස් පෙරේරා මහතා අද(17) උදෑසන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට 74 වියේ පසු වූ ඔහු කෙටිකලක් රෝගාතුරව පසු විය.
80 දශකයේ ගීත රචනා කලාවට අවතීරණ වූ කැමිලස් පෙරේරා උන්මාද වූ ප්‍රේමාදරේ, හිමිනැති පෙමකට, දේව මන්දිරේ, වාසනා වේවා, ආදර ප්‍රිය ළඳුනේ, මට මුළු ලොව ලොවම ඔබයි, හදවිලේ ඔබ පිපුණා වැනි ඉතා ජනප්‍රිය ගීත රැසක් රචනා කර තිබේ.
1947 වසරේ අප්‍රේල් මස 04 වැනිදා වත්තලදී උපන් ඔහු සරසවිය පුවත්පත ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයෙකු ලෙස කටයුතු කර ඇත.
චිත්‍රපට ගීත ඇතුළුව ඔහු විසින් රචනා කර ඇති ගීත සංඛ්‍යාව 1,000කට ආසන්න ය.
කැමිලස් පෙරේරාගේ දේහය මහජන ගෞරවය සඳහා හෙට(18) උදෑසන 9.00 සිට පස්වරු 3.00 දක්වා වත්තල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තැබීමට කටයුතු සූදානම් කර තිබේ.
අවසන් කටයුතු පස්වරුවේ වත්තල රෝමානු කතෝලික දේවස්ථාන සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත ය.