Posted on 02.07.2019 by Chandana Sirimalwatte in කලා with 0 Comments
ඡායාරූප කලාවේ දීර්ඝකාලයක අත්දැකීම් ඇතිව එම කලාව හදාරන නවපරපුරට මහත් මගපෙන්වන්නකු වූ ප්‍රවීණ ඡායාරූප ශිල්පී, බර්ටි ගුණසේකර අභාවයට පත් විය.
චිත්‍රපට තිර රචකයකු, සහාය අධ්‍යක්ෂකයකු හා රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සාමාජිකයකු ලෙස කටයුතු කළ බර්ටි ගුණසේකර මෙරට සිනමාවේ පෙරළිකාර සමයේ සිටි ධර්මසේන පතිරාජ වැනි දැවැන්තයන් සමඟ ද කටයුතු කර තිබේ. ‘හන්තානයේ කතාව’ චිත්‍රපටයේ සම තිරකතා රචකයාද ඔහු විය.
‘සරසි’ කලා පුවත්පතේ ප්‍රධාන ඡායාරූප ශිල්පියා ලෙස කටයුතු කරමින් හා වෙළෙද ප්‍රචාරණ දැන්වීම්වල ප්‍රවීණයෙක් ලෙසද කටයුතු කර තිබේ. පසුගිය මෑත භාගයේ ඔහු ඡායාරූප උපදේශකයෙකු ලෙස කටයුතු කරමින් නව පරම්පරාව සමග දැනුම හා අවබෝධය බෙදාහදා ගනිමින් කටයුතු කළ මාරිගෝපදේශකයෙක් ලෙසද හදුනවා දීමට හැකි වේ. බර්ටි ගුණසේකර මහතා ශ්‍රී ලංකා ඡායාරූප කලා සංගමයේ ජ්‍යේෂ්ඨතම නිලධරියෙකු සහ සාමාජිකයකු ලෙස ද කටයුතු කළේ ය.
ඔහුගේ දේහය 59/3 බී, ශ්‍රී සරනංකර මාවත, දෙහිවල ලිපිනයෙහි තැන්පත්කර ඇති අතර
අවසන් කටයුතු හෙට(08) සවස කොහුවල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.