ප්‍රසිද්ධ පාසල් අනිකුත් පාසල් නඩත්තු කළ යුතු බවට අධ්‍යාපන ඇමතිගෙන් යෝජනාවක්

රටේ ප්‍රමුඛ පෙළේ පාසල් තම සම්පත් රටේ අඩු සම්පත් සහිත පාසල් සමඟ බෙදා ගැනීමේ යාන්ත්‍රණයක් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍ය ජී. එල්. පීරිස් ප්‍රමුඛ පාසල් 17 ක විදුහල්පතිවරුන් හමුවූ විට මෙම අදහස ඉදිරිපත් කර තිබේ.

විෂයමාලා ප්‍රතිසංස්කරණ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම රැස්වීම පවත්වන ලදී. අඩු පහසුකම් සහිත පාසල්වලට උපකාර කිරීමට අදාල යෝජනාවලියක් ඉදිරිපත් කරන ලෙස පාසල් විදුහල්පතිවරුන්ට මෙහිදී දැනුම් දී තිබේ.

ප්‍රමුඛ පෙළේ පාසල්වල වැඩි පහසුකම් සහ අනිකුත් බහුතර පාසල්වල අඩු සම්පත් ප්‍රමාණයක් පැවතීමට හේතුව රජය මගින් මෙම සම්පත් සමාන ලෙස ලබා නොදීමයි. සෑම පාසලකටම සමාන පහසුකම් ලබාදී පාසල් අධ්‍යාපනය දියුණු කිරීම වෙනුවට ආණ්ඩුව මේ කිරීමට සුදානම් වන්නේ පාසල් නඩත්තු කටයුතුවලින් කර ඇරීමයි. නැතහොත් පාසල් අධ්‍යාපනය සඳහා රාජ්‍ය ප්‍රතිපාදන අඩු කිරීමයි.

Sithara Sajeewani :