தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයට සිදුවන පාඩුව ඩොලර් බිලියන 1.5 ක් - මංගල සමරවීර | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තයට සිදුවන පාඩුව ඩොලර් බිලියන 1.5 ක් – මංගල සමරවීර



පාස්කු දින ප්‍රහාරය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතිවූ බලපෑම හේතුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක විදේශ විනිමය අහිමිවීමක් සිදුවිය හැකි බවත් සංචාරකයන්ගේ පැමිණීම සියයට 30 න් අඩුවෙනු ඇති බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ඔහු පවසන පරිදි අපේ රටට ඇති විශාලතම අභියෝගය සංචාරක කර්මාන්තය කඩා වැටීමයි. සංචාරකයන්ගේ පැමිණීම අඩුවන සෑම සියයට 10ටම ඇමරිකානු ඩොලර් මිලියන 500ක් අහිමිවෙන බැවින් සංචාරකයන් සියයට 30න් අඩුවීම යනු ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක පාඩුවක් බව ඔහුගේ අදහස වී තිබේ.

මෙම ඇස්තමේන්තු කිරීම් මහ බැංකු සහ විදේශ අමාත්‍යංශ දත්ත මත පදනම්ව සකස් කර ඇති බව වාර්තා වේ.