தமிழ்
English
Contact
Saturday 4th May 2019    
ප්‍රහාර වැළැක්වීමට නොහැකිවූයේ නීති සම්මත නොකළ නිසා - අගමැති කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රහාර වැළැක්වීමට නොහැකිවූයේ නීති සම්මත නොකළ නිසා – අගමැති කියයි



අප්‍රේල් 21 වැනිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට නොහැකි වූයේ අදාළ සැකකරුවන්ට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නීති කිරීමට බාධා සිදුවූ නිසා බව අගමැති රනිල් වික්‍රමසිංහ පවසයි.

2018 වසරේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කළ ද අදාළ කෙටුම්පත මේ වනවිටත් එම කෙටුම්පත පාර්ලිමේන්තු කමිටුවේ පවතින බව ඔහු පවසා ඇත. බඒ නිසා තවදුරටත් කෙටුම්පත ප්‍රමාද නොකර පාර්ලිමේන්තුවට ගෙන ඒමට පියවර ගන්නා ලෙස අගමැති වික්‍රමසිංහ අවධාරණය කළේය. මෙම අවස්ථාවේදී හෝ එම කටයුත්ත වහාම සිදුකළ යුතු බව රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් සදහන් කළේය.

අගමැතිවරයා මෙසේ අවධාරනය කරන්නේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට ගෙන එන්නට යෝජිත ප්‍රති ත්‍රස්ත පනතද යන්න දක්වා නැත. කෙසේවෙතත් ප්‍රතිත්‍රස්ත පනත මෙවැනි අපරාධවලට එරෙහිව නීති ගෙන එන්නට නොව, වෘත්තිය සමිති වැනි ජනතා සංවිධාන මර්දනය කිරීමට වැඩවර්ජන තහනම් කිරීම හා ආණ්ඩුවට විරුද්ධවන්නන් ත්‍රස්තවාදින් ලෙස නම් කිරීමට අදාල නීති මාලාවකි. ඒ අනුව එම මර්දනකාරි නීතිය මෙම ප්‍රහාර මාලාවේ පිහිටෙන් සම්මත කිරීමට අගමැතිවරයා සූදානම්වන්නේද යන ගැටලුව පැන නගී.