Posted on 04.08.2019 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
ජනතා අරගල මධ්‍යස්ථානය විසින් ප‍්‍රතිත‍්‍රස්ත පනත සම්බන්ධ විරෝධතා ක‍්‍රියාමාර්ග පිළිබද සාකච්ඡුා කිරීමට ගත් තීරණය අනුව එහි එක් සාකච්ඡුා වටයක් රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර සමග අද පවත්වන ලදී.
මෙම පනත් කෙටුම්පත විසින් ගෙන එන්නේ ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී මර්දන නීතියක් බව හදුනා ගනිමින් දේශපාලන පක්ෂ හා සංවිධානවලට යොමු කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් විවිධ දේශපාලන පක්ෂ විසින් මෙම සාකච්ඡුාවන් සදහා අවධානය යොමු කර ඇත.
ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ලේකම් වාසුදේව නානායක්කාර සමග ජනතා අරගල මධ්‍යස්ථානය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂයෙ මහේන්ද‍්‍රන්, අන්තර් විශ්වවිද්‍යායීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැදවුම්කරු මහිල් බණ්ඩාර සහ අන්තර් විශ්ව විද්‍යායීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරතන හිමි සාකච්ඡුාවට එක්වී සිටියහ.