தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් කරන ලද මැදිහත්වීම කුමක්ද - බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විමසයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ප්‍රියංක ප්‍රනාන්දු සම්බන්ධයෙන් කරන ලද මැදිහත්වීම කුමක්ද – බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විමසයි



බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු විසින් බෙල්ල කපන බවට සංඥා කරන ලද සිදුවීම සම්බන්ධයෙන් සහ ඔහු නැවත ශ්‍රී ලංකාව වෙත පැමිණීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ආණ්ඩුව කටයුතු කළ ආකාරය පිළිබඳ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටෙපන් මෝර්ගන් විමසා ඇත්තේ බ්‍රිතාන්‍ය ආණ්ඩුව ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයෙන් නැවත ශ්‍රී ලංකාවට පැමිණීමේදී ඉටු කළ කාර්ය බාරය කුමක්ද යන්නයි. එසේම මෙම වසරේ ජනවාරි 21 දා සිට මේ සම්බන්ධව ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ කුමන ආකාරයේ සාකච්ඡා පවත්වා ඇතිද යන්න විමසා ඇත.

මෙයට පිළිතුරු ලබාදෙමින් බ්‍රිතාන්‍ය ආසියා සහ පැසිෆික් රාජ්‍ය අමාත්‍ය මාර්ක් ෆීල්ඩ් පවසා ඇත්තේ මෙම සිදුවීම සිදුවූ වහාම එවක විදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කළ තිලක් මාරපනගේ අවධානයට යොමුකිරීමෙන් අනතුරුව බ්‍රිගේඩියර්වරයාව නැවත ලංකාවට පිටත් කළ හැරි බවයි

වෙස්ට්මිනිස්ටර් අධිකරණය විසින් අදාළ බ්‍රිගේඩියර්වරයා දැරූ රාජතාන්ත්‍රික තත්ත්වය පිළිබද විමසූ අවස්ථාවේ එයට අවශ්‍ය තොරතුරුද සැපයූ බව මාර්ක් ෆීල්ඩ් පවසා ඇත.

එසේම රාජතාන්ත්‍රික නිලධාරීන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී වියානා සම්මුතිය අනුව කටයුතු කිරීමටද බැඳී සිටින බවද බ්‍රිතාන්‍ය රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.