தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
බ්‍රිතාන්‍ය අධිකරණය බෙල්ල කපන බව පෙන්වූ බ්‍රිගේඩියර්ගේ රාජතාන්ත්‍රික තනතුර ගැන තොරතුරු ඉල්ලයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රිතාන්‍ය අධිකරණය බෙල්ල කපන බව පෙන්වූ බ්‍රිගේඩියර්ගේ රාජතාන්ත්‍රික තනතුර ගැන තොරතුරු ඉල්ලයි



බ්‍රිතාන්‍ය අධිකරණය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු ගේ රාජතාන්ත්‍රික තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීමට සහාය වන ලෙසට කරන ලද ඉල්ලීමට අනුව බ්‍රිතාන්‍ය එම තොරතුරු සැපයීමට නියමිතව ඇති බව වාර්තා වේ. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශකයෙකු සඳහන් කර ඇති පරිදි මෙම සිදුවීම සිදුවන අවස්ථාවේ ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජ තාන්ත්‍රික තත්ත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරගැනීම සඳහා එරට අධිකරණය බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාලය සම්බන්ධ කරගෙන ඇත.

එසේම බ්‍රිතාන්‍ය , වියනා සමුළුවෙන් සම්මත කරගත් රාජතාන්ත්‍රික සම්බන්ධතා සම්බන්ධ නීති රීති ආරක්ෂා කිරීමටද කැපවී සිටින බව බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ප්‍රකාශකයා සඳහන් කර තිබේ.

පසුගියදා වෙස්ට්මිනිස්ටර් අධිකරණය බ්‍රිතාන්‍ය මහජන පනත උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු වරදකරු බවට තීන්දු කොට ඔහුව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලදී. නමුත් පසුව එය අවලංගු කරන ලදී.

පසුගිය වසරේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරතවූ පිරිසකට ගෙල සිඳ දමන අකාරය දනවන අභිනයක් කිරීම සම්බන්ධයෙන් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව නඩු පැවරිණි. එවකට ඔහු බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරමින් සිට තිබුණි.

මෙරට බ්‍රිතාන්‍ය මහා කොමසාරිස්වරයා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා සමඟ මේ සම්බන්ධව සාකච්ඡා පවත්වා ඇති බවද පැවසේ.