Posted on 10.26.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පාර්ලිමේන්තුවේ පොලිසියට අනුයුක්තව සේවයේ නියුතු පොලිස් නිලධරයකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන් අද සහ හෙට පාර්ලිමේන්තුවේ කටයුතු තාවකාලිකව නවතා ඇතැයි වාර්තා වේ.
අද සහ හෙට දින දෙකෙහි පාර්ලිමේන්තු පරිශ්රය විෂබීජහරණය කිරීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ වේත්රධාරී නරේන් ප්රනාන්දු පවසා ඇත්තේ සිටියේ අද (26) සහ හෙට (27) පාර්ලිමේන්තු පරිශ්රය වසා දමා එය සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කරන බවයි.
පාර්ලිමේන්තුවේ අරක්ෂාව භාරව සිටි විශේෂ කාර්ය බලකා සෙබළුන් සියලු දෙනා ඉවත් කර ඇති අතර ඒ වෙනුවට විශේෂ කාර්ය බලකා මූලස්ථානය විසින් වෙනත් සෙබළුන් පිරිසක් රාජකාරි සඳහා අනුයුක්ත කර තිබේ.