Posted on 11.23.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
කොරෝනා රෝගයෙන් මියයන්නේ වයෝවෘද්ධ පුද්ගලයන් බවට වසංගතය ව්‍යාපාත්වන මුල් කාලයේදීම අනතුරු ඇඟවීම් සිදුකළ අතර මේ වනවිට කොළඹ නගරය අවට වයෝවෘද්ධ පුද්ගලයන් විශාල ලෙස රෝගී වන හා නිවසේදී මිය යන ප්‍රවණතාවක් ඇතිව තිබේ.
PCR පරික්ෂන වැඩි කිරීමේ අවශ්‍යතාව අවධාරනය කරමින් සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති ඇතුලු ජනතා සංවිධාන සිදුකළ හඬ නැගීම ආණ්ඩුව විසින් නොතකා හැරි අතර කොරෝනා වැළැක්වීමට බිලියන ගණන් වියදම් කළ බව ප්‍රකාශ කෙරේ. සතය තත්වය නම් ඉදිරි වසරේ සෞඛ්‍ය වියදමෙන් බිලියන 21ක් කපා දමා තිබීමය.
කොරෝනා වැළැක්වීමේ කාර්යසාධක බලකායේ ප්‍රධානි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසන ආකාරයට ඊයේ වාර්තා වූ මරණ 9 තුළද නිවසේදී මිය ගියවුන් සිටී.
මේ අතර රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් ඇති 82 හැවිරිදි බන්ධනාගාර රැඳවියා කොවිඩ් ආසාදිතයෙක් බව වාර්තා වේ.
මහර බන්ධනාගාරයේ රැඳවියකුවන ඔහු හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවද සුව සිදුකළ PCR පරීක්ෂණයක දී එහු ආසාදිත බව අනාවරණය වූ බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.