පාර්ලිමේන්තුව තුළ ඇති වූ ගැටුම්කාරි සිද්ධිය නිසා 2017 වසරේ නොවැම්බර් මස 14,15 සහ 16 යන දිනවල ඇති වූ අදාල ගැටුම්කාරි සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ විමර්ශන කමිටුව මෙම මන්ත්‍රීවරුන්ට චෝදනා එල්ල කර ඇති බව වාර්තා වන්නේය.
පාර්ලිමේන්තුවේ සිදු වූ ගැටුම්කාරි තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරිම සඳහා කථානායක කරූ ජයසූරිය විසින් නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරිගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරනු ලැබුවේය. අදාල කමිටුව පසුගිය 22 වන දින සිය වාර්තාව කථානායක කරූ ජයසූරිය මහතාට භාරදී ඇති අතර එම වාර්තාවේ අඩංගු කරුණු ප්‍රසිද්ධියට පත් කර ඇත.
මන්ත්‍රීවරුන් 59 දෙනෙකු පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතේ වගන්තිවලට එරෙහිව කටයුතු කර ඇති බවට එම වාර්තාවෙන් චෝදනා එල්ල කර ඇති බව බී.බී.සී සන්දේශය පෙන්වා දෙන්නේය.