පාර්ලිමේන්තු විසුරුවා හැරීමට එරෙහි නඩු විභාගයේ තීන්දුව අද

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව ශ්‍රේෂ්ඨාධිකරණ ලේඛකාධිකාරී කාර්යාලය නිවේදනය කර තිබේ.

ජනාධිපති වරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පසුගිය 4 වනදා සිට 7 වනදා දක්වා පුරා දින හතරක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබීය.

ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

අගමැති ධූරයේ සහ අමාත්‍ය ධූරවල කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ක‍්‍රියාත්මක කිරීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ සහ චමල් රාජපක්ෂ, දිනේෂ් ගුණවර්ධන ,ජොන්ස්ටන් ප‍්‍රනාන්දු හා ආචාර්ය විජයදාස රාජපක්ෂ විසින් ගොනු කළ විශේෂ අභියාචනා පෙත්සම් දෙකක් සලකා බැලීම ලබන සිකුරාදා (14) තෙක් කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ(12) නියම කළේය.

එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ අග්‍රාමාත්‍ය ධූරය සහ කැබිනට් අමාත්‍යධූර අභියෝගයට ලක්කරමින් රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු අභියාචනාධිකරණයට ඉදිරිපත් කළ පෙත්සම ලබන මස 16,17,18 තෙදින විභාගයට ගැනීමට අභියාචනාධිකරණය ඊයේ (12) තීන්දු කළේය .

Sithara Sajeewani :