Posted on 09.21.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
(TopNews) සතොස ආයතනයේ දූෂණ වංචාවලට එරෙහිවීම නිසා තමාගේ ජීවිතයට දිගින් දිගටම මරණීය තර්ජන එල්ලවෙමින් පවතින හෙයින් ජීවිත ආරක්ෂාව සඳහා ජනාධිපතිවරයාට ලිපියකින් දැනුම්දී ධූරයෙන් ඉවත් වන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ විධායක අධ්යක්ෂ තුෂාන් ගුණවර්ධන පවසයි.
ඇමැතිවරුන් දෙදෙනා සම්බන්ධ අක්රමිකතාවලට එරෙහිව කටයුතු කිරීමත් සමග ඔවුන් කලබලවී ඇති තමා එම තනතුරින් ඉවත් කිරීමට සැලසුම් සහගත වැඩපිළිවෙළක් අරඹා තිබෙන බව අනාවරණය කරමින් ඔහු ලංකාදීප පුවත්පතට මේ බව ප්‍රකාශ කර ඇත.
ජාත්‍යන්තර පාරිභෝගික දිනය සැමරීම සඳහා යැයි පවසමින් පසුගිය මාර්තු මාසයේදී රුපියල් ලක්ෂ 4ක මුදලක් ඉල්ලා සිටි අවස්ථාවේදී එම මුදල් පාරිභෝගිකයාට සෙතක් වන ආකාරයට යොදවනවා මිස දේශපාලන වැඩවලට යොදා නොගත යුතු බව තමා දැනුම් දුන් බවත් ඒ නිසා ඇමැතිවරුන් දෙදෙනා තමා සමග උරණ වූ බවත් විධායක අධ්යක්ෂවරයා පෙන්වා දෙයි.
සුදුලූනු වංචාවට එරෙහිව අදාළ අංශ වලට තමා පැමිණිලි කළ බවත් මින් පෙර උඳු කන්ටේනරයක්, සීනි සහ පිටි සම්බන්ධයෙන්ද වංචනික ක්‍රියා සිදුව ඇති බව පාරිභෝගික අධිකාරියේ හිටපු අදයක්ෂ ජනරාල්වරයා පවසා ඇත.
තමා වැටුපක් හෝ නිල රථයක් හෝ වෙනත් වරප්‍රසාද වෙනුවෙන් පැමිණි සහ වැඩ කළ පුද්ගලයකු නොවන බව පැවසූ තුෂාන් ගුණවර්ධන අවංකව වැඩ කළ තමාට බලපෑම් කිරීමට ඇමැතිවරයාට හැකියාවක් නැතැයිද සඳහන් කළේය.
(මූලාශ්‍ර- ලංකාදීප පුවත්පත)