පාස්කු දින ප්‍රහාරයෙන් විපතට පත්වූවන් වෙනුවෙන් රට සහ ලොව පුරා ශෝකය පළකිරීම්

පාස්කු දින ප්‍රහාරයෙන් පසුව ලංකාව පුරා ජනතාව ප්‍රහාරයෙන් මරණයට පත් සහ තුවාල ලැබූ ජනතාව වෙත විවිධාකාරයෙන් ශෝකය පළකිරීම් දැකිය හැකිවීම විශේෂත්වයකි. බොහෝ නිවෙස්, කඩ සාප්පු වාහන සහ විවිධ ආයතන තුළ සෑම ආගමික හා ජාතියකට අයත් ජනතාව විසින් සුදු කොඩි ප්‍රදර්ශන කිරීම් සහ ශෝකය පළ කිරීමේ පුවරු ප්‍රදර්ශනය කිරීම් දැකිය හැකිවිය.

ඊට අමතරව රටේ ස්ථාන රැසක මෙන්ම වෙනත් රටවලද මිය පුද්ගලයන් සිහිකරමින් පහන් දැල්වීම් සර්ව ආගමික වතාවත් පවත්වමින් සිටියි.

එසේම ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් වාර්තා වීම මගින් පෙන්නුම් කරන්නේද ජනතාව මෙම සිදුවීම බරපතල ලෙස බාරගනිමින් පුළුල් සිතීමකට යොමුව ඇති ආකාරයයි.

Sithara Sajeewani :