පසුගිය පාස්කු ඉරිදා සිදුවූ පිපිරුම් මාලාවට අදාළ විමර්ශන සම්බන්ධයෙන් ආණ්ඩුව නිසි ක්‍රියාමාර්ග නොගතහොත් ඉදිරියේදී පාරට බැස විරෝධතාවල නිරත වීමට සූදානම් බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසයි.
කාදිනල්වරයා පවසා ඇත්තේ ආරක්ෂක කටයුතු සිදුවන ආකාරය පිළිබඳව සෑහීමට පත් නොවන බවයි.
කොළඹ අගරදගුරු නිල නිවසේදී ඊයේ(29) පැවති මාධය හමුවකට එක්වෙමින් කාදිනල්වරයා මෙම අදහස් පල කළේය.
එමෙන්ම ජනාධිපතිවරයා, අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා එක්ව ආරක්ෂාව සම්බන්ධයෙන් පොදු ප්‍රතිපත්තියක් ඇති කරගත යුතු බව මැල්කම් රංජිත් හිමියන් පවසයි.
එසේම ආරක්ෂාව සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලබාදිමට කටයුතු කළ වෙඩි නොවදින මෝටර් රථය අගරදගුරුවරයා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එය ප්‍රතික්ෂේප කරමින් උන්වහන්සේ සඳහන් කර ඇත්තේ තමාට අවශ්‍ය තම ආරක්ෂාව නොව තම ජනතාවගේ හා රටේ ආරක්ෂාව බවයි.