ප්‍රහාර පිළිබඳ යම් තොරතුරු කලින් ලැබී තිබුණ ද ඒ පිළිබඳ ප්‍රමාණවත් අවධානයක් යොමු කර නොතිබීම බරපතල කාරණයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රහාරය සිදුවූ දිනයේ ප්‍රකාශ කළේය.
මේ අතර මෙවැනි ප්‍රහාරයක් එල්ලවන බවට ජාත්‍යන්තර ඔත්තු සේවා මගින් අප්‍රේල් 04 වෙනිදා ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත් කර ඇතැයි අමාත්‍ය රාජිත සේනාරත්න සඳුදා මාධ්‍ය අමතමින් කියා සිටියේය.
ඉන් පසු රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශය අප්‍රේල් 09 වෙනිදා ඒ බව පොලිස්පතිවරයාට දැනුම් දී ඇති බවත් එම “ත්‍රස්ත කල්ලියේ” සාමාජිකයින්ගේ නම්, දුරකථන අංක සහ ජාතික හැඳුනුම්පත් අංක ද එහි සඳහන් කර ඇති බවත් ඔහු පැවසීය. ජනාධිපතිවරයා ආරක්ෂාව පිළිබද අමාත්‍යවරයා ලෙස විදේශගත වන විට වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයට කිසිවෙක් පත් කර නොතිබූ බවද ඔහු පැවසුවේය.
ජනතාව මරාදමමින් සිදුකළ අන්තවාදී ප්‍රහාරය පිළිබද ප්‍රභූ ආරක්ෂක අංශ දැනුවත් කර තිබුණු බවද තමන්ගේ ආරක්ෂාව වැඩිකර තිබුණු බව මහින්ද රාජපක්ෂද ප්‍රකාශ කර තිබුණි. ඊයේ (22) කොළඹ පැවති මාධ්‍ය හමුවේදී මේවනවිටත් සමාජමාධ්‍ය හරහා පුසිද්ධ වී ඇති ලියුමක් ගෙන හෑර පාමින් විපක්ෂනායක හා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසුවේ අප්‍රේල් 11 වැනිදා තරම් වේලාසන මෙවැනි ලියුමක් මගින් ප්‍රභූ ආරක්ෂක අංශ වෙත අනතුරු අගවා තිබුණද ආණ්ඩුව මෙම ප්‍රහාර වැලැක්වීමට කිසිදු වගකිවයුතු මැදිහත්වීමක් නොකළ බවය.
එසේම ඊයේ රාත්‍රියේ පැවති රූපවාහිනී දේශපාලන වැඩසටහනකට සහභාගී වූ දයාසිරි ජයසේකර ජනාධිපතිවරයාට එල්ල වන චෝදනා සඳහා පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා පොලීසිය බාරගත්තේ ඉතා මෑතකදී බවත් ඊට පෙර පොලීසිය බාරව කටයුතු කළ සාගල රත්නායක , රන්ජිත් මද්දුම බණ්ඩාර වැනි මන්ත්‍රීවරුද වගකීම බාරගත යුතු බව පවසමින් ඇඟ බේරා ගැනීමට උත්සාහ කරනු පෙනුණි.