Posted on 10.03.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරවලට සම්බන්ධකම් ඇතැයි සැක පිට අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ සොහොයුරු රියාජ් බදියුදීන් නිදහස් කිරිම සම්බන්ධයෙන් මැල්කම් රංජිත් අගරදගුරුවරයා ආණ්ඩුවට සිය අප්‍රසාදය පළ කර ඇත. මෙම පුද්ගලයන්ට විරුද්ධව සාක්ෂි තිබෙන බව මාස කිහිපයකට පෙර ආරක්ෂක අංශ ප්‍රධානින් පැවසු බවත් එවැනි තත්ත්වයක් තිබීයදී එම සැකකරුවන් නිදහස් කිරීම කණගාටුදායක බවද මැල්කම් රංජිත් කාඩිනල්වරයා පවසයි. සැක පිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් නිදහස් කිරීම කිරීම පිටුපස දේශපාලන ගණුදෙනුවක් ඇතැයි තමන්ට සැක සිතෙන බව කාඩිනල්වරයා පවසයි.
අද (03) පෙරවරුවේ කොළඹ අගදරගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මැල්කම් කාදිනල්වරයා මේ බව සඳහන් කර ඇත.
මෙහිදී මාධ්‍යවේදීන් යොමු කළ ප්‍රශ්නවලට ද පිළිතුරු දෙමින් කාදිනල්වරයා පැවසුවේ ආදාළ පරීක්ෂණ කටයුතු නිසි පරිදි සිදු කරන ලෙසය.