Posted on 02.19.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
වසර දෙකකට පෙර දී පාස්කු ප්‍රහාරය එල්ල කළ පුද්ගලයන්ට සමාව දීමට කතෝලික ප්‍රජාව සූදානම් බව අගරදගුරු මැල්කම් රන්ජිත් කාදිනල් හිමියන් පවසයි.
ඊයේ, කොළඹ ශාන්ත අන්තෝනී දේවස්ථානයේ පැවති විශේෂ දේව මෙහෙයකට එක් වෙමින් එම හිමියන් මේ බව පවසා තිබේ.
ක්‍රිස්තියානු ඉගැන්වීමට අනුව කිසිවෙකුට වෛර නොකළ හැකි බවත්, තමන් කුරුසියේ ඇණ ගැසූවන්ට පවා, යේසුස්වහන්සේ සමාව දුන් බවත් කාදිනල් හිමියන් පවසා තිබේ.
කෙසේවෙතත් මීට සතියකට පමණ පෙර කාදිනල් හිමියන් මාධ්‍ය හමුවකට එක්වෙමින් පවසා තිබුණේ ප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව යුක්තිය ඉටු නොවුණ හොත් ජාත්‍යන්තරයට ගොස් හෝ සාධාරණය ඉෂ්ට කර ගැනීමට සූදානම් බවයි.
අප්‍රේල් 21 ප්‍රහාරයට අදාළව අහිංසක මිනිසුන්ට ජීවිත අහිමි කළ සහ තවත් පිරිසක් වින්දිතයින් බවට පත්කළ ප්‍රහාරයේ වගකිවයුත්තනන්ට දඬුවම් දීම පුමුඛ කාරණය බව සිහිපත් කළ කාදිනල් හිමි වැඩිදුටත් පවසා සිටියේ, ප්‍රහාරය ගැන පූර්ව දැනුම් දීම් ලැබී තිබියදීත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගත් පිරිස්වලට ද දඬුවම් දිය යුතුව ඇති බවයි.