Posted on 08.22.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
2019 අප්‍රේල් 21 පාස්කු ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් තමන්ගේ ප්‍රකාශයක් ලබාගැනීමට අවශ්‍ය නම් කොළඹ තමන්ගේ නිවසට පැමිණෙන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන දැනුම් දී ඇත.
එවකට ආරක්ෂක ඇමති ලෙස පොලිසියට ප්‍රකාශයක් ලබා දෙන ලෙස අගෝස්තු 26 වන දා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට පැමිණෙන හිටපු ජනාධිපතිවරයාට දැනුම් දී තිබුණි.
නමුත් තමාට එම පොලිස් ඒකකයට පැමිණීමට නොහැකි බවත් හිටපු ජනාධිපතිවරයා කොමිසමට දැනුම් දීම තිබෙන නිසා ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ විමර්ශන නිලධාරීන් විසින් එම නියමිත දිනයේ දී මෛත්‍රීපාල සිරිසේන හමුවී ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව වාර්තා වේ.