පැරීසියේ ලාංකිකයෝ අන්තවාදයට හා පාලකයන්ට විරෝධය පළ කරති!

අප්‍රේල් 21 අන්තවාදීන් විසින් සිදුකරන ලද අන්තවාදී බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් විරෝධය පෑමට ප්‍රංශයේ වාසය කරන ලාංකිකයෝ එක්ව අප්‍රේල් 26 වන දින ප්‍රංශයේ අගනුවර සුප්‍රකට ‘ජනරජ  චතුරශ්‍රය‘(Place de la République) හිදි විරෝධතාවයක් පැවැත්වූහ.
එමෙන්ම මෙම ප්‍රහාරය වලක්වාගැනීම සදහා හැකියාව තිබියදීත් තම වගකිම පැහැර හැරි ජනාධිපති ඇතුලු ශ්‍රි ලංකාවේ ආණ්ඩුවටත්, විපක්ෂ නායකයා ඇතුලු විපක්ෂයේ සියලුම පර්ලිමෙන්තු මන්ත්‍රිවරුන්ටත් විරෝධය පැමට හාරසියකට අධික ශ්‍රි ලාංකිකයින්ගේ සහභාගි විය. මෙම උද්ඝෝෂනයට සම අයිතිය ව්‍යාපාරයෙ ප්‍රංශ නියෝජිතයන්ද සහභාගි විය.

Chandana Sirimalwatte :