தமிழ்
English
Contact
Tuesday 24th May 2022    
පුද්ගලික බස් රථ වර්ජනයක | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පුද්ගලික බස් රථ වර්ජනයක



පවතින ඉන්ධන මිළ ගණන් යටතේ ඉන්ධන සහනාධාරයක් හෝ 35%ක බස් ගාස්තු සංශෝධනයකින් තොරව තමන්ට බස් රථ ධාවනය කිරීමට නොහැකි බවත් ඒ හේතුවෙන් අද (24) පෙරවරුවේ සිට පුද්ගලික බස් රථ ධාවනයෙන් ඉවත් වන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසයි.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් ලීටරය රු. 111කින් ඉහළ දැමීමට රජය කටයුතු කර ඇති අතර, ඒ හේතුවෙන් සාමන්‍යයෙන් සිනකට බස් රථයකට රු. 11000ක පාඩුවක් සිදු වන බවත්, මෙම පාඩුව පියවීමට තමන්ට ඉන්ධන සහනාධාරයක් හෝ සියයට 35ක බස් ගාස්තු සංශෝධනයක් අවශ්‍ය බව ප්‍රියන්ජිත් වැඩිදුරටත් පැවසීය.

කෙසේ වෙතත් අවම බස් ගාස්තුව රුපියල් 27 සිට 35 දක්වා සංශෝධනය කරන්නේ නම් හෝ ඉන්ධන සහනාධාරයක් ලබාදෙන්නේ නම් හෙට සිට සාමාන්‍ය පරිදි බස් ධාවනය කිරීමට සූදානම් බව ද ඔහු සඳහන් කළේය.