Posted on 10.28.2020 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ ලංකාවේ සිදුකරන සංචාරය සම්බන්ධ චීන තානාපති කාර්යාලයේ නොමනාපය පළ කෙරෙන නිවේදනයක් නිකුත් කර තිබේ.
කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් කරුණු කිහිපයක් කෙරෙහි දැඩි අවධානය යොමුකර ඇත.
අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ලංකා සංචාරයේදී ඔහු විසින් ලංකාවේ අභිමතාර්ථයන්ට අත්තනෝමතික ලෙස මැදිහත් වීම් සිදුනොකළ යුතු බවහිදී අවධාරනයකර තිබේ.
වැඩිදුරටත් කරුණු දක්වමින් එක්සත් ජනපද රාජ්‍ය ලේකම්වරයාගේ සංචාරය සිදුකෙරෙන්නේ කොවිඩ් – 19 හේතුවෙන් ලංකාව අභියෝග රැසකට මුහුණ දී සිටින අවස්ථාවක බව පේනවා දෙන චීන තානාපති කාර්යාලය, පොම්පෙයෝ මෙරටට එන්නේ ඊට සහන රැගෙනදැයි ප්‍රශ්න කරයි.
ඒසේම අමෙරිකාව තුළ දැනට මිලියන 8.8 ක කොරෝනා ආසාදිතයන් සහ මරණ දෙලක්ෂ තිස්දහසක් සිදුව ඇති බැවින් අමෙරිකානු නියෝජිතයන් විශාල පිරිසක් මෙරටට එවීම සෞඛ්‍ය නීතිරිතිවලට ගැටලුවක් බව චීන රජය පෙන්වා දෙයි.
එපමණක් නොව, අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා මෙරට සංචාරයේ දී මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමක් සිදුකරන ලෙසට කරන ලද ඉල්ලීම තුළින් සත්කාරක රාජ්‍යයට හිමිවන ගරුත්වය කුමක්දැයි එම නිවේදනයෙන් ප්‍රශ්න කර තිබේ.
විශේෂයෙන්ම චීනය විසින් එම නිවේදනයෙන් අවධාරණය කරන්නේ, විදේශ සබඳතාවලදී තෝරා ගැනීමක් කළ යුතු බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සහකාර රාජ්‍ය ලේකම් ඩීන් තොම්සන් විසින් කරන ලද ප්‍රකාශය, චීන-ලංකා රාජ්‍ය තාත්න්රික බැදීම් අවමානයට ලක් කිරීමක් බවය. රාජ්‍යතාන්ත්‍රික සබඳතා ක්ෂේත්රයේදී අන් රටවල දේශීය හා විදේශීය ප්‍රතිපත්තිවලට මැදිහත්වීම සම්බන්ධ සීමා තිබියදී අමෙරිකාව විසින් ලංකාවේදී සිදුකරන අත්තනෝමතික ලෙස මැදිහත් වීම එක්සත් ජනපද මැදිහත්වීමේ ස්වභාවය සම්පූර්ණයෙන්ම හෙළිදරව් කෙරෙන බව ද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.