Posted on 03.10.2021 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
මියන්මාර් මිලිටරි ජුන්ටාව විසින් එරට ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතින් පාගා දමමින්, ජනතා සංහාරයට එරෙහිව ලංකාවේ වාමාංශික පක්ෂ හා දේශපාලන ක්රියාකාරිකයන් විසින් විරෝධතාවක් පවත්වන ලදී.
කොළඹ, ෆ්ලවර් රෝඩ් හි පිහිටි මියන්මාර් තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයේ දී මියන්මාර් ජනතාව විසින් තෝරාපත් කරගත් ආණ්ඩුව පෙරලා දැමීමට මිලිටරි බලහත්කාරය යෙදවීමත්, විරෝධය දක්වන ජනතාව වෙඩි තබා ඝාතනය කරමින් ගෙන යන භීෂණකාරි පාලනයට එරෙහිවත් විරෝධය ප්‍රකාශ විය.
මේ වනවිට මිලිටරි ජුන්ටාව විසින් මියන්මාරයේ මහජන ඡ්දයෙන් පත්වූ ආණ්ඩුව පෙරලා දමා ලෝකයේ සියළුම රාජ්‍යයන්ගේ විරෝධය මැද මර්දනකාරි රාජ්‍ය ත්රස්තවාදයක් ක්‍රියාත්මක කරමින් සිටී. .


