தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
පොලිස් නිලධාරියා යටකිරීම: මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවේ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොලිස් නිලධාරියා යටකිරීම: මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු පස් දෙනකු අත්අඩංගුවේ



බම්බලපිටියේදී පොලිස් රතවාහන අංශයේ නිලධාරියකු යටකරගෙන ධාවනය කළ ඩිෆෙන්ඩර් රියේ ගමන්ගත් රියදුරු සහ එහි ගමන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ පුත්‍රයා සහ ව්‍යාපාරිකයකු ඇතුලු පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (24) බම්බලපිටියේදී සිදු වූ මෙම රිය අනතුරට වගකිවයුත්තන් පිළිබද පරික්ෂණ පැවැත්වෙන බවද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයාගේ පුත්‍රයා
කණ්ෂ්ක අලුත්ගමගේ සහ අනෙකුත් අය මෙසේ අත් අඩංගුවට ගෙන ඇත. ඒ සමගම පැමිණි ප්‍රාඩෝ රතයක සිටි පුද්ගලයන්ද මෙම අනතුර සම්බන්ධව සැක පිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම අනතුර නිසා දැඩි ලෙස තුවාල ලැබූ බොරැල්ල පොලිසියේ පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපති සරත්චන්ද්‍ර කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.