தமிழ்
English
Contact
Thursday 2nd May 2019    
දියතලාව ගුවන් හමුදා පුහුණුවකදී අත්බෝම්බයක් පුපුරයි ! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

දියතලාව ගුවන් හමුදා පුහුණුවකදී අත්බෝම්බයක් පුපුරයි !



අද(17) උදෑසන දියතලාව ගුවන් හමුදා පුහුණු කඳවුරේ පුහුණුවීමක් අතර තුර පිපිරීමක් සිදුවීමෙන් ඒහිදී ගුවන් හමුදා ආධුනික සෙබළියක් හා ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනෙක් තුවාල ලබා ඇත.

ජනමාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කපිතාන් ගිහාන් සෙනෙවිරත්න කියා සිටියේ, පුහුණුවිම අතරතුර පුපුරා ගොස් ඇත්තේ අත් බෝම්බයක් බවයි. දියතලාව, නරියකන්ද ප්‍රදේශයේදී ගුවන් හමුදා පුහුණු අභ්‍යාසයක් අතර තුර මෙම පිපිරීම සිදුව ඇති බවට වාර්තා වේ.

ඒහිදී වහාම ක්‍රියාත්මකව තුවාලකරුවන් දියතලාව මුලික රෝහල වෙත ඇතුළත් කළ බව රෝහල් අාරංචි මාර්ග පවසයි.