Posted on 06.10.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්රචාරක ලේකම් දුමින්ද නාගමුව ඊයේ (09) දින කොල්ලුපිටිය මංසන්ධියේදී පොලිසිය වීසින් අත්අඩංගුවට ගැනීමේදී සිදුකළ පහරදීම් හේතුවෙන් රෝහල් ගතකර තිබේ. ඔහු කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වේ.
අමෙරිකන් තානාපති කාර්යාලය අසළ පැවැත්වීමට නියමිත වූ මෙම උද්ඝෝෂණය කොරෝනා වසංගතය ව්‍යාප්තවීමට හේතුවන බව දක්වමින් කොල්ලුපිටිය පොලිසිය විසින් කළ ඉල්ලීමකට අනුව, අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී තිබුණි. එම නියෝගය භාවිත කරමින් විරෝධතාවය ඇරඹීමටත් ප්‍රථම දුමින්ද නාගමුව ඇතුළු පෙ.ස.ප. ක්‍රියාකාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. පොලීසිය විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකරන අවස්ථාවේ
දුමින්ද නාගමුව බලහත්කාරයෙන් රැගෙන යන ආකාරය සහ පහරදෙන ආකාරය ඊයේ දින සිදුවීම සම්බන්ධ ඡායාරූප සහ වීඩියෝවල දැක්වේ.