Posted on 07.12.2021 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ඉංජිනේරු සංස්ථා සේවකයන්ගේ වෘත්තීමය ගැටලුවක් වෙනුවෙන් මැදිහත්වීමෙන් සිටියදී අත්අඩංගුවට ගත් දුමින්ද නාගමුව ඇතුළු හය දෙනෙකු අධිකරණය විසින් ඇප ලබාදී තිබියදී නිරෝධායන නීති භාවිතා කරමින් රඳවා තබා ගැනීමේ සිදුවීමට අදාළව පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් අභියාචනාධිකරණය හමුවේ හබයාස් කෝපුස් පෙත්සමක් ගොනුකර තිබේ.
මේ පිළිබඳව අදහස් දක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ මේ මර්දනීය තත්වයට එරෙහිව දේශපාලන, උද්ඝෝෂණ, ප්රචාරක හා නෛතික ක්ෂේත්රවල උපරිම ක්‍රියාමාර්ග ගන්නා අතර එහි පළමු පියවර ලෙස අද අභියාචනාධිකරණයට හබයාස් කෝපුස් පෙත්සම් ගොනු කරන ලද බවයි. මෙම සතිය තුළ හබයාස් කෝපුස් පෙත්සම්, මූලික අයිතිවාසිකම් පෙත්සම් හා අසාධාරණ නිරෝධායන නීති වලට එරෙහි නීතිමය පියවර ගැනීමට නියමිත බවද ඔහු පැවසීය.
ජූලි 8 වැනිදා කොතලාවල පනතට එරෙහි උද්ඝෝෂණයේදී තවත් 33ක් අත්අඩංගුවට ගෙන ඇප ලබාදී තිබියදී 16 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබුණි.