தமிழ்
English
Contact
Wednesday 22nd May 2019    
පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්ත අම්පාර ගැටුම ගැන මාධ්‍ය හමුවේ බොරු කියයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

පොහොට්ටු මන්ත්‍රී පියල් නිශාන්ත අම්පාර ගැටුම ගැන මාධ්‍ය හමුවේ බොරු කියයි



ආරක්ෂක අංශ සහ සන්නද්ධ කණ්ඩායමක් අතර ඊයේ(26) රාත්‍රියේ කල්මුණේදී සිදුවූ වෙඩි හුවාමරුව අතරතුර ආරක්ෂක අංශ සාමාජිකයන් 11ක් මියගොස් ඇති බවට ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත රූපවාහිනී මාධ්‍යකදී ප්‍රකාශ කිරීම සම්බන්දයෙන් මේවන විට දැඩි විරෝධයක් එල්ල වී තිබේ.

අදාල ගැටුමේදී ආරක්ෂක අංශ වලට හානියක් සිදුව නැති බවට පොලිස් මාධ්‍ය අංශය විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ජනතාව තිගැස්මට ලක්ව සිටින මෙවන් අවස්ථාවක දේශපාලකයන් දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් වගකීම් විරහිත ප්‍රකාශ නිකුත් කිරීම හෙළා දැකිය යුතු බව බොහෝ පිරිසකගේ අදහස වී ඇත.