මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අයදුම් කිරීමේදී ජාත්‍යන්තර පාසල් වල සිසුන්ට සිය අයදුම්පත් පෞද්ගලිකව වෙන වෙනම ඉදිරිපත් කරන්නැයි විභාග දෙපාර්තමේන්තුව නියම කර තිබේ.
වසර ගණනාවක සිට ජාත්‍යන්තර පාසල් සිසුන් සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග වලට අයදුම්පත් ඉදිරිපත් කිරීමේදී ජාත්‍යන්තර පාසලේ නමින් සියලු සිසුන් අයදුම් කරන ලදී.
විභාග දෙපාර්තමේන්තුවේ අලුත් නියමය හේතුවෙන් සිසුන්ට පෞද්ගලික මට්ටමෙන් සිය නිවෙස් වල පෞද්ගලික ලිපිනයක් යොදමින් උසස් පෙළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට සිදුවේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර පාසල් සිසුන් අයත්වන්නේ පෞද්ගලික විභාග අපේක්ෂකයින්ගේ ගණයට බවයි.
පසුගිය උසස් පෙළ විභාගයේදී පෞද්ගලික පාසැලක සිසුවියක් දිවයිනේ කලා අංශයෙන් ප්‍රථම ස්ථානය දිනාගැනීමත් සමඟ බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා එයට විරෝධය දක්වමින් අදහස් ප්‍රකාශ කරන ලදී. නමුත් බොහෝදෙනෙකුගේ අදහස් වූවේ සියලු දෙනා පෙනීසිටින්නේ එකම විභාගයකට බැවින් එලෙස වෙන් කිරීමක් අවශ්‍ය නොවන බවයි.