බණ්ඩාරගම නගරයේදී ඊයේ(11) පවතී එක්සත් ජාතික පක්ෂයේ විරෝධත්වයක් පැවති ස්ථානයකින් තම රථය ධාවනය වෙමින් තිබියදී එයට පහරදී අලාභානි කල බව මැතිවරණ කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවකයෙක් බණ්ඩාරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබේ.
මෙම පහරදීමෙන් මෝටර් රථයේ බැඳ පෙදෙසට සහ ඉදිරිපස වීදුරුවට අලාභානි සිදුව ඇති බව ඔහු කළ පැමිණිල්ලේ සඳහන් වේ.
එසේම තමා වාහනයේ නලාව ශබ්ද කිරීම හේතුවෙන් මෙලෙස පහර දුන් බව ඔහු පොලීසියට පවසා තිබේ.