නැවතවරක් ජාතික ආණ්ඩුවක ලේබලයෙන් ඇමතිධුර 30කට වැඩි ආණ්ඩුවක් බිහිකිරීමේ උත්සාහයට එක්සත් ජාතික පක්ෂය කෘත්‍යාධිකාරී මණ්ඩලය ඊයේ යෝජනාවක් සම්මත කර තිබේ.
මේ දක්වා එ.ජා.ප. මැතිවරණ තරග කිරීමට වෙනත් පක්ෂවල සහාය ලබාගත් එක්සත් ජාතික පෙරමුණ යන ලේබලය යටතේය. එහෙත් ඒ වෙනුවට ‘ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය’ නමින් නව දේශපාලන ව්‍යුහයක් හරහා බලය තහවුරු කරගන්නට එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී රැස් වූ එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩලය එකග වී ඇත. එහිදී ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය පිහිටුවීම සඳහා යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ විසිනි. නව දේශපාලන සන්ධානයට ව්‍යවස්ථාවක් සකස් කළ යුතු ආකාරය පිළිබඳව සාකච්ඡාවක් කිරිම සඳහා දෙසැම්බර් 27 වැනි දා සිරිකොත පක්ෂ මුලස්ථානයේ දී විශේෂ හමුවක් කැඳවීමට ද තීරණය විය.
මහින්ද රාජපක්ෂ විසින් බිහිකළ දින 50 ආණ්ඩුවේ අභියෝගය හමුවේ එ.ජා.ප. බලය තහවුරු කරගැනීමට සහාය දුන් සියලු පක්ෂ හා බලවේග ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධානය සඳහා එක් කරගැනීමටද කෘත්‍යාධිකාරී මණ්ඩලයේ දී යෝජනා වී ඇත.
එසේම ඉදිරි වර්ෂය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ම තෝරා පත්කරගෙන ඇති අතර, නියෝජ්‍ය නායක ලෙස සජිත් ප්‍රේමදාස, උප නායක ලෙස රවී කරුණානායක වශයෙන් කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී ඒකමතික අනුමැතිය හිමිවිය.
සෙසු නිල සදහා ඉදිරියේ යෝජනා සම්මත කිරීමට නියමිත බව එ.ජා.ප. ආරංචිමාර්ග පවසයි.