Posted on 12.22.2020 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
බස්නාහිර පළාත අකර්මන්‍ය වුවහොත් එය මුළු රටේම ආර්ථිකයට බලපාන බවත් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ සහ මැනිං එළවළු වෙළඳපොල වසා දැමූ පසුව එය සමස්ත ශ්‍රී ලංකාවටම බලපෑ බවත් බැසිල් රාජපක්ෂ පවසා තිබේ. ඒ අනුව එළඹෙන ජනවාරි මාසයේ සිට එකම කොවිඩ් ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට බස්නාහිර පළාත පත්කළ යුතු බව ඔහු පවසා තිබේ.
බැසිල් රාජපක්ෂ මේ බව සඳහන් කර සිටියේ අරලියගහ මන්දිරයේ දී ඊයේ (21) පැවැති “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහනේ බස්නාහිර පළාත් රැස්වීමට සහභාගි වෙමිනි.
ආයෝජන අවස්ථා පවා ලැබෙන්නේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගෙන වන අතර මේ නිසා බස්නාහිර පළාත තුළ මෙවර අය-වැය යෝජනා සාර්ථකව ක්‍රියාත්මක කළයුතු බවද බැසිල් රාජපක්ෂ වැඩිදුරටත් පෙන්වා දී තිබේ.