தமிழ்
English
Contact
Sunday 21st February 2021    
මීළඟ පොහොට්ටුවේ නායකයා ලෙස මගේ තේරීම බැසිල් රාජපක්ෂ - මහින්ද පතිරණ | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මීළඟ පොහොට්ටුවේ නායකයා ලෙස මගේ තේරීම බැසිල් රාජපක්ෂ – මහින්ද පතිරණ



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීළඟ නායකයා ලෙස තම තේරීම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන ‘පොහොට්ටුව’ ලකුණ බැසිල් රාජපක්ෂ අදින ලද්දේ ඔහු සිරගත කර සිටියදී බවත් ඔහු පවසයි.

ඇමති විමල් වීරවංශ කථිකයෙක් පමණක් බවත් දේශපාලඥයකු නොවන බවත් පවසන ඔහු ‘විමල් පිං ඇමති කෙනෙක්’ යැයි ද කියා සිටී.

විමල් වීරවංශට බැසිල් රාජපක්ෂ සමග ගැටුමක් ඇතැයිද පවසන ඔහු විමල් වීරවංශට වඩා සාගර කාරියවසම් පොහොට්ටුවේ බර ඇද්ද බවද සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කරන්නේ Truth with Chamuditha අන්තර්ජාල නාළිකාව සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.