Posted on 01.09.2019 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය සේවයේ පහළම සේවකයාගේ මූලික වැටුප මේ මාසයේ සිට රුපියල් 2500කින් ඉහළ යන අතර ඉහළම නිලධාරියාගේ වැටුප රුපියල් 10,000න් වැඩි වන බවද එම අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
රජය 2015 වසරේදී රාජ්‍ය සේවකයින්ට රුපියල් 10,000ක දීමනාවක් ලබා දුන් අතර එම දීමනාව 2016 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ මූලික වැටුපට ගැලපීමටද තීරණය කළේය.
ඒ අනුව එහි පියවරක් ලෙස රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප 2019 වසරේ ජනවාරි මාසයේ සිට රුපියල් 2500 – 10,000ක් අතර ප්‍රමාණයකින් වැඩිවීමට නියමිතව තිබිණ.
රාජ්‍ය සේවකයින්ගේ මූලික වැටුප ඉහළ නැංවීමේ අවසන් පියවර 2020 වසරේ ජනවාරි මාසයේ සිදු කෙරෙන අතර එම වසරේදී ද ඔවුන්ගේ මූලික වැටුප රුපියල් තවත් 2500 – 10,000 අතර ප්‍රමාණයක් වැඩි කෙරෙන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
රාජ්‍ය සේවයේ බහුතරයක් ලෙස සිටින්නේ පහල තලයේ සේවයකයන් බැවින් ඔවුන්ගේ මූලික වැටුප වැඩිවන්නේ රු 2500න් පමණි. පසුගිය සමයේ බඩු මිල ඉහළ යාමට සාපේක්ෂව රු 2500ක වැටුප් වැඩිවීමක් යනු කිසිසේත්ම ප්‍රමාණවත් නොවන්නකි. විශේෂයෙන් රාජ්‍ය සේවයේ පහළ තලයේ සේවකයන් මිරිකෙන ආර්ථික පීඩනයකට මෙය කිසිදු උත්තරයක් නොවනු ඇත.