Posted on 11.29.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
රාජ්‍ය අංශයේ වැටුප් සමාලෝචන ජනාධිපති විශේෂ කොමිසමේ වාර්තාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වෙත ඊයේ (28) පිලිගන්වා තිබේ.
රාජ්‍ය අංශයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත් කරනු ලැබුවේ පසුගිය අගෝස්තු මස 14 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ගත් තීරණයකට අනුව යි.
ඒ අනුව එස්. රනුග්ගේ මහතාගේ සභාපතීත්වය යටතේ මෙම කොමිසම පත් කළ අතර සාමාජිකයින් 15 දෙනෙකු එහි කටයුතු කරනු ලැබුණි.
මේ වසරේ අවසානයේ ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අයවැයකින් වැඩිවන ජිවන වියදමට සාපේක්ෂව යම් වැටුප් වැඩිවීමක් සිදුවෙනු ඇතිබවට විශේෂයෙන් රජයේ සේවකයන් තුළ බලාපොරොත්තු විය. එම නිසා මෙම වාර්තාව තීරණාත්මක වේ.