தமிழ்
English
Contact
Sunday 5th May 2019    
බ්‍රසීල ඔලිම්පික් කමිටු ප්‍රධානියා අත්අඩංගුවට | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බ්‍රසීල ඔලිම්පික් කමිටු ප්‍රධානියා අත්අඩංගුවට



බ්‍රසීල පොලීසිය විසින් එරට ඔලිම්පික් කමිටුවේ සභාපති කර්ලොස් නුෂ්මාන් රියෝ ද ජෙනැයිරෝ නුවරදී ඔක්තෝබර් මස 4 වැනි දින අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරයි.

2016 වසරේ රියෝ ඔලිම්පික් උළෙල සිය රටට ලබා ගැනීමට අන්තර් ජාතික ඔලිම්පික් කමිටුවේ සාමාජිකයින්හට අල්ලස් ලබා දුන් බවට කාර්ලෝස් නුෂ්මාන්ට චෝදනා එල්ලවී තිබේ.

මෙම අත්අඩංගුවට ගැනීම එම සිදුවීම්වලට ඔහු සම්බන්දැයි කරනු ලබන විමර්ශනවල ප්‍රථිපළයකැයි වාර්තා වේ. මේ පිළිබදව කාර්ලෝස් නුෂ්මාන් මීට පෙර අවස්ථාවකදී ඔහුට එරෙහි චෝදනා ප්‍රතික්ෂේප කරන බව මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනි. මීට අමතරව බ්‍රසීල ඔලිම්ක් කමිටුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වරයා වූ ලියොනාඩෝ ගෙනර් ද අත්අඩංගුවට ගෙන තිබේ.