Posted on 11.01.2018 by Sithara Sajeewani in දේශීය පුවත් with 0 Comments
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ අතර ඊයේ (31) විශේෂ සාකච්ඡාවක් පැවැති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිවී තිබූ ගැටලූ හා ඒවා විසඳාගන්නා ආකාරය පිළිබඳව මෙහිදී දෙදෙනා දීර්ඝව සාකච්ඡා කර ඇත. නව රජය පිහිටුවීමත් සමඟ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හා පාක්‍ෂිකයන්ට යම් යම් ගැටලු ඇතිවීමෙන් තමන් කලකිරීමට පත්ව සිටින බව දුමින්ද දිසානායක මෙහිදී බැසිල් රාජපක්‍ෂට ප‍්‍රකාශ කර ඇතැයි පැවසේ.
එම ගැටලු විසඳීමට මැදිහත්වන්නේ නම් ශක්තිමත් රජයක් පිහිටුවීමට තමන් සහය පළකරන බව දිසානායක පවසා ඇතැයි වාර්තාවේ.
පසුගියදා පැවති නව ඇමති මණ්ඩල දිවුරුම්දීමේ අවස්ථාවට දුමින්ද දිසානායක සහභාගී වී නොමැති බව සහ ඔහු ඇතුළු මන්ත්‍රී කණ්ඩායමක් ඉදිරියේදී පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන බවට ප්‍රවෘත්ති පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණි.