මව්පියන්ගෙ නමින් පිම්බෙන බවට තමන්ට චෝදනා කරන ඇතැමුන් බැංකු කැඩීම වැනි වසල කටයුතුවලට ප්‍රසිද්ධ බව ඒ.ජා.ප. නියෝජ්‍ය නායක , නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු සජිත් ප්‍රේමදාස පවසයි.
බුදුන් කී ආකාරයට පුද්ගලයකු උපතින් නොව ක්‍රියාව අනුව මැනිය යුතු බව පැවසූ සජිත් ප්‍රේමදාස ඇමතිවරයා වගකීමක් භාරදුන් විට ඒය හරි හැටි ඉටු නොකර තම බිරිද යොදාගෙන අල්ල්ස ගත්පුද්ගලයන් බ්‍රාහ්මණයන් නොව වසලයන් බවද ඔහු පැවසීය.
පසුගිය දිනක රවි කරුණානායක මන්ත්‍රිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරමින් ඇතැමුන් තම මව්පියන්ගේ නම් යොදාගෙන දේශපාලන වාසි ගන්නට කටයුතු කරන බව පවසා තිබිණි.