බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීම ආණ්ඩුව බාරගත යුතුයි – ජනාධිපති

COLOMBO, SRI LANKA - JANUARY 09: Sri Lanka's newly elected president Maithripala Sirisena (C) prepares to take oath as he is sworn in at Independence Square in Colombo on January 9, 2015 in Colombo, Sri Lanka. Sirisena will be the 7th President of the Democratic Socialist Republic of Sri Lanka. (Photo by Buddhika Weerasinghe/Getty Images)

සිදුවූ ඛේදවාචකයේ වගකීම මෙන්ම බුද්ධි අංශ අඩපණ කිරීමේ වගකීමද රජය බාරගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසා තිබේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ බුද්ධි අංශ ප්‍රධානීන් සමඟ පැවති සාකච්ඡාවකදීයි.

පසුගිය දෙවසර තුළ ආණ්ඩුව සහ තමන් අතර ගැටුම් ඇති වූයේ ආරක්ෂක හමුදා දුර්වල කිරීමට එරෙහිව තමන් පෙනී සිටිය නිසා බවද ජනාධිපතිවරයා පවසා ඇත.

පසුගිය සමයේ ලංකාවේ විවිධ ප්‍රදේශවලදී තරුණයින් 11දෙනෙකු පැහැරගෙන යාම සම්බන්ධයෙන් බුද්ධි අංශ නිලධාරීන්ද ඇතුළුව ඇතුළු නාවික හමුදාවේ පිරිසක් අත්අඩංගුවට ගැනීමේදී, ආරක්ෂා මාණ්ඩලික ප්‍රධානී රවීන්ද්‍ර විජේගුණරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තම්නේතුවට කැඳවීමේදී විශේෂයෙන් ජනාධිපතිවරයා ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනු දැකගත හැකිවිය. මෙම නාවික හමුදා සාමාජිකයන් ඇතුලුව අනිකුත් හමුදා සාමාජියන්ට දඬුවම් ලබා දී ඇති සහ පරීක්ෂණ පැවැත්වෙන බොහෝ සිදුවීම් අපරාධ සම්බන්ධ චෝදනා වේ. යුධ අපරාධ සඳහා මෙන්ම විවිධ චෝදනා ලබා සිටින හමුදා සාමාජිකයන්ට එරෙහිව පරීක්ෂණ පවත්වා දඬුවම් ලබාදීම 2015 මැතිවරණයේ ප්‍රධාන පොරොන්දුවකි. නමුත් ඒ සියල්ල අමතක කර ජාතිවාදී කොටස්වල වුමනාව මත සහ දකුණේ සිංහල ජනතාවගේ ඡන්ද බලාපොරොත්තුවෙන් ජනාධිපතිවරයා සහ විපක්ෂය රණවිරුවන් දඩයම් කරනා යයි පැවසීම දිගින් දිගටම දකින්නට ලැබෙන්නකි.

Sithara Sajeewani :