தமிழ்
English
Contact
Tuesday 23rd April 2019    
බුද්ධි අංශ සම්බන්ධ දුබලතාවක්, ප්‍රහාරයක් ගැන වේලාසනින් අනතුරු ඇගවුවා - යුද හමුදාපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

බුද්ධි අංශ සම්බන්ධ දුබලතාවක්, ප්‍රහාරයක් ගැන වේලාසනින් අනතුරු ඇගවුවා – යුද හමුදාපති



මරාගෙන මැරෙන ප්‍රහාරයක් ඒල්ලවන්නට නියමිත බවට වේලාසන බුද්ධි කොරකුරු ලබාගෙන කිබුණු බවද හමුදාවට නිසි පියවර ගැනීමට බලයක් නොමැකි නිසා කිසිවක් කරන්නට නොහැකි වූ බවද යුද හමුදාපකි මහේෂ් සේනානායක පවසයි.
යුදහමුදාපතිවරයා මේ බව ජනමාධයවේදින්ට ප්‍රකාශ කළේ අද(22) අගරදගුරු මැල්කම් කාඩිනල් රංජික් පියකුමා හමුවීමෙන් පසුව අදහස් දක්වමිනි.
කාඩිනල්වරයා හමුවේ අදහස් ප්‍රකාශ කරමින් යුද හමුදාව මෙන්ම බුද්ධි අංශ විසින් වේලාසන මෙවැනි මරාගෙන මැරෙන ප්‍රහාර ගැන අනකුරු අගවා තිබුණු බව හෙළි කළේය. ඒවිට කාඩනල් මැල්කම් රංජිත් ප්‍රකාශ කළේ ඒවැනි අතපසුවීඹ් ගැන දැන් කතාකර වැඩක් නැති නිසා ඉදිරියේදීවත් මෙවැනි විපත් සිදු නොවන්නට වගබලාගත යුතු බවය.
ඉන්පසු ජනමාධ්‍යවේදි්න් හමුවූ යුදහමුදාපති මහේෂ් සේනානායක ප්‍රකාශ කළේ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවය. මෙවැනි අන්තවාදි කටයුතු සම්බන්ධ වසර කිහිපයක් යුද හමුදාව තොරතුරු රැස්කළ බවද ඒ්වා අදාළ බලධාරින් වෙත ලබා දුන් බවත්ය. ඒ‌ේ නිසා මේ සම්බන්ධ පියවර නොගැනීම සම්බන්ධයෙන් යුද හමුදාවට කිසිදු වගකීමක් භාරගන්නට නොහැකි බවය. කෙසේවෙතත් ඊයේ සිදුවීම්වලින් පසුව ආරක්ෂක අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවේදි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ යුද හමුදා බුද්ධි අංශවලින් මෙවැනි සිදුවීම් සම්බන්ධ කිසිවක් දැන නොසිටි බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ද පැවසුවේ බුද්ධි අංශ මේ කරුණු දැන සිටි බවට නිකුත්ව ඇති ලිපිය සත්‍ය ඒකක්ද නැද්ද යන්න විමර්ශනයට ලක්කර යමක් ප්‍රකාශ කරන බවය.
වේලාසනින් ප්‍රභු ආරක්ෂක අංශ වෙත මරාගෙන මැරෙන ප්‍රහාරයක අනතුර දැනුම් දී තිබුණු බවට අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී මැති ඇමතිවරු ප්‍රකාශ කළ බැවින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙන්ම යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය නොමග යැවීමට කටයුතු කර ඇති බව පැහැදිලිය.