தமிழ்
English
Contact
Wednesday 24th April 2019    
උතුර, නැගෙනහිර කදවුරු අත්හරින්න බෑ, හමුදාවට යටිතල පහසුකම් ඕනෑ! - යුද හමුදාපති | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

උතුර, නැගෙනහිර කදවුරු අත්හරින්න බෑ, හමුදාවට යටිතල පහසුකම් ඕනෑ! – යුද හමුදාපති



ජාතික ආරක්ෂාවට හානි නොකළ යුතු නිසා, යුද හමුදාව විසින් උතුර- නැගෙනහිර පිහිටුවා ඇති හමුදා කදවුරු කිසිසේත් වසා නොදමන බවද සෙබළුන් ව්‍යාප්තිය පමණක් අවම කරන බව යුද හමුදාපති මහේෂ් සේනානායක පවසයි.
යුද සමයේ ජනතාවගෙන් අත්පත් කරගත් ඉඩම් අක්කර 522ක් නිදහස් කිරීමට සූදානම් නමුත් එයට පෙර දැනට හමුදාව සතු යටිතල පහසුකම් වර්ධනය කළ යුතු බව හමුදාපතිවරයා පවසයි. මේ වනවිට අලුතින් සිදුකළ යුතු ඉදිකිරීම් සදහා රු.මිලියන 800ක් රජයෙන් ඉල්ලා ඇති බව හමුදාපතිවරයා අනාවරණය කළේය. එහෙත් දැනට ලබාදී ඇත්තේ රු.මිලියන 100ක් පමණක් නිසා මෙම ඉඩම් මුදාහැරීමේ ක්රිැයාදාමය ප්රයමාදවන බවද ඔහු පවසයි. හිග මුදල අද හිමිවුවද එම ඉඩම් අත්හැර යාමට නොහැකි බවද හමුදාවට සිවිල් වැසියන්ගේ ඉඩම්වලින් විතැන්වීමේ පහසුකම් ගොඩනගා ගැනීමට දළ වශයෙන් තවත් මාස 5ක්වත් අවශ්යි බවද හමුදාපතිවරයා අවධාරනය කරයි.
යුද හමුදාව විසින් උතුර හා නැගෙනහිර ජනතාවගෙන් අත්පත්කරගෙන සිටි ඉඩම් අක්කර 65,000ක් පසුගිය ජූලි මාසය වනවිට මුදාහැර තිබිණි. එහෙත්, උතුර හා නැගෙනහිර පළාත්වල හමුදාව විසින් අත්පත්කරගෙන ඇති තවත් ඉඩම් අක්කර 19,000කට අධික බිම් ප්‍රමාණයක් ජනතාව වෙත ලබා දියයුතුව ඇත. මෙයින් අක්කර 16,000ක් පමණ යාපනය, කිලිනොච්චි, මුලතිව් හා මන්නාරම දිස්ත්‍රික්කවල ජනතාවට අයත්වන අතර අක්කර 3,000ක් පමණ නැගෙනහිර, ත්රිනකුණමලය, මඩකලපුව හා අම්පාර දිස්ත්‍රික්කවල ජනතාවගේ ඉඩම්ය.