தமிழ்
English
Contact
Friday 27th May 2022    
මට අස්වෙන්න කියන්න ඌ කවුද? - හඩ්සන් ප්‍රශ්න කරයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මට අස්වෙන්න කියන්න ඌ කවුද? – හඩ්සන් ප්‍රශ්න කරයි



රාජ්‍ය මාධ්‍ය ප්‍රධානින් ඉල්ලා අස් විය යුතු බවට ජනමාධ්‍ය ඇමති බන්දුල ගුණවර්ධන කළ දැනුම්දීම අසා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ පරළ වී ඇති බව වාර්තා වේ.

තමන් පත් කරනු ලැබුවේ පොදුජන පෙරමුණේ ආණ්ඩුව යටතේ බවත් ආණ්ඩුව තවමත් බලයේ සිටියදී තමන් ඉවත්වීමට සූදානම් නැති බවද ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා ගෝරනාඩුකර ඇත.

පසුගිය පොදුජන පෙරමුණු ආණ්ඩු කාලයේ පත් කරනු ලැබූ සභාපතිවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ප්‍රශස්ති ගායනා කරමින් තම දේශපාලන අදහස් ගුවන්විදුලි වැඩසටහනක් පවත්වාගෙන යයි. මහින්ද රාජපක්ෂගේ අන්තේවාසිකයකු ලෙස පත්වීඹ් ලැබූ ගුවන්විදුලියේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේට සේවක විරෝධය ප්‍රකාශ වුවද හඩ්සන් සමරසිංහ සේවකයන්ගේ පැත්තේ සිට ඔවුන් ආරක්ෂා කරන බව පවසමින් ජාම් බේරාගෙන සිටියේය. කෙසේවුවද ආණ්ඩුවේ ප්‍රශස්තිකරුවන් මේ අවස්ථාවේ මාධ්‍ය ප්‍රධානින් ලෙස තබාගෙන සිටීම එම ආයතනවල ආණ්ඩුවේ බලය ආරක්ෂා කරගැනීමේ අරමුණට සුභදායක නොවන බව ජනාමධ්‍ය ඇමතිවරයාගේ අදහස බව පැහැදිලිය.

සාමාන්‍යයෙන් පසුගිය ඉතිහාසය පුරාම රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානින් ලෙස පත්කරනු ලැබුවේ නව ආණ්ඩු පක්ෂයේ හිතවතුන්ය. මේ වනවිට පොදුජන පෙරමුණ ජනතාව අතර දැඩි අප්‍රසාදයට පත්ව සිටියද පාර්ලිමේන්තුවේ පැවති ආසන බහුතරය පාවිච්චි කරමින් බලය රැක ගන්නට දේශපාලන කුමන්ත්‍රණයක නිරතව සිටී. ඒ වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නව අගමැතිවරයකු ලෙස රනිල් වික්‍රමසංහ පත්කර නව ඇමති මණ්ඩලයක් ලෙස පසුගිය ආණ්ඩුවේ සිටි පිරිසක්ද පත්කර ඇත.
සියලුම රාජ්‍ය මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතනවල සභාපතිවරු ඇතුළු අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන්ට ඉල්ලා අස්වන ලෙස පත්කරනු ලැබූ නව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් අද (27) පස්වරුවේ දැනුම් දුන්නේය.

රූපවාහිනී සහ ගුවන් විදුලි යන සංස්ථාවවල සහ ලේක්හවුස් පුවත්පත් ආයතනය ඇතුළු මාධ්‍ය ආයතන කීපයක අධ්‍යක්‍ෂ මණ්ඩවල සාමාජිකයන්ට එසේ දැනුම් දුන් බවත් ඔවුන් ඉවත් වූ වහාම නව සභාපතිවරු සහ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයන් පත්කරන බවත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය. මේ අනුව ස්වාධීන රුපවාහිනි සේවයේ නිරෝෂන් ප්‍රේමරත්න අද ඉල්ලා අස්වීම නිවේදනය කර ඇත.