Posted on 05.17.2022 by Chandana Sirimalwatte in දේශීය පුවත් with 0 Comments
රටතුළ ඇති තත්වය නිසා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ ජීවිත ආරක්ෂ කරන්නට අමතර පොලිස් නිලධාරින් යොදවන ලෙස කථානායකවරයා පොලිස්පති වෙත නියෝගකර ඇත.
රටතුළ ඇති ජනතා විරෝධය හේතුවෙන් තමන්ට ජීවිත තර්ජන ඇති බවද ආරක්ෂාව වැඩි කරන ලෙස ඇතැම් මන්ත්‍රිවරු කථානායක වෙත ඉල්ලීමක් කර ඇති බව දැනගගන්නට ඇත. ඒ අනුව, ජීවිත අනතුරක් ඇති මන්ත්‍රිවරුන්ට ආරක්ෂාව තර කරන ලෙස කතානායකවරයා පොලිස්පති වෙත දන්වා ඇත.
මේ වනවිට රටපුරා ජනතාව අත්‍යවශ්‍ය සේවා අහිමිවීමෙන් හා අධික බඩුමිල නිසා පීඩා විඳී. මෙම පීඩාවන් සම්බන්ධ කිසිදු ක්‍රියාමාර්ගයක් නොගැනීම හා පාර්ලිමේන්තුව තුළ හඬක් නොනැගීම සම්බන්ධ ජනතා කෝපය නිසා පාර්ලිමේන්තුවේ කාර්යාභාරය පිළිබඳ විශ්වාසය ජනතාව අතර බිඳවැටීමකට ලක්ව ඇත.
මාසිකව ලක්ෂයක වැටුප් හා දීමනාද වෙනත් විවිධ වරප්‍රසාද හිමිකරගන්නා මන්ත්‍රිවරු වසර පහක් තුළ විශ්‍රාම වැටුප් හිමිවන අතර පාර්ලිමේන්තුවේ සිදුකරන කාලය නාස්ති කිරීම් නිසා ජනතා ප්‍රශ්න විසඳීඹ නොව වර්ධනය වීමට දායක වෙමින් තිබෙන බවට ජනතාව චෝදනා කරති.