தமிழ்
English
Contact
Monday 6th May 2019    
මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සහ අතුරුදන්කළවුන්ගේ ඥාතින්ගේ ඩී.එන්.ඒ. සැසදීමක් අවශ්‍යයි | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

මන්නාරම සමූහ මිනිවලේ අස්ථි සහ අතුරුදන්කළවුන්ගේ ඥාතින්ගේ ඩී.එන්.ඒ. සැසදීමක් අවශ්‍යයි



මන්නාරම සමූහ මිනීවලේ අස්ථි කොටස් කාබන් කාල නිර්ණය කළ පසුව එම සිරුරු යුද සමයට අයත් යැයි හදුනාගත හොත් ඒවා සැසදීමට අතුරුදන්වූවන්ගේ ඥාතීන් ඞීඑන්ඒ පරීක්ෂාවකට ලක් කර සසඳා බැලීමක් කළ යුතු බවට අතුරුදන්වූවන්ගේ කාර්යාලය පවසයි.


මේ බව අනාවරණය වූයේ අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් විසින් ලංකාදීප පුවත්පතේ මාධ්‍යෙව්දියකු කළ විමසීමකට පිළිතුරු වශයෙන් කළ ප්‍රකාශයකදීය. සමූහ මිනිවලේ අස්ථි සම්බන්ධව කාබන් කාලනිර්ණය පරීක්ෂණයෙන් වාර්තාව සැකසීමෙන් අනතුරුව එම විමර්ශනයේ ප‍්‍රධාන විමර්ශකයා වන මන්නාරම අධිකරණ වෛද්‍ය විශේෂඥ සමින්ද රාජපක්ෂ විසින් සකස් කරනු ලබන වාර්තාවක් මහේස්ත‍්‍රාත්වරයා වෙත ලබාදීමෙන් පසුව ඩී.එන්.ඒ සැසදීමක් කළ හැකි වනු ඇති බව සභාපතිවරයා පවසයි.

මන්නාරම සමූහ මිනීවළ හැරීම, ඇටසැකිළි ගොඩගැනීම සඳහා අධිකරණ වෛද්‍යවරයාට අවශ්‍ය වියදම් පියවීම සහ ගොඩගත් ඇටසැකිලි සාම්පල පර්යේෂණාගාරවලට යැවීම සඳහා වන වියදම් අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයෙන් සිදුකරන බව සභාපති සාලිය පීරිස් පවසයි.

ඒ අනුව, මන්නාරම සමූහ මිනිවලේ අස්ථි කොටස් සම්බන්ධව කාබන් දින පරීක්ෂණ වාර්තා ලැබුණු පසු අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ විමර්ශන කණ්ඩායම විසින් සිය වමර්ශනයත් කාබන් කාලනිර්ණ වාර්තාවත්ද ඇසුරෙන් පූර්ණ වාර්තාවක් සකස් කර මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළ යුතුය. එම පූර්ණ වාර්තාව අධිකරණය විසින් සළකා බැලීමෙන් පසුව ඉදිරි පියවර ගැනීම සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත්වරයාට තීරණයක් ගන්නට හැකිවනු ඇත. කාලනිර්ණ වාර්තා අනුව, සමූහ මිනිවලේ ඇටසැකිලි උතුර හා නැගෙනහිර යුද කාලයට සමපාත වේ නම් මිනිවලේ ඇති ඇටසැකිලි යුද වින්දිතයන්ගේ බවට අනුමාන කිරීමට හැකි වේ. එහිදී ඔවුන් අතුරුදන්වූළුන් ලෙස උපකල්පනය කරමින් අතුරුදන්වූවන්ගේ ඥාතින්ගේ ඩී.එන්.ඒ. සමග සැසදීමට පියවර ගත යුතුව ඇත. කෙසේවෙතත් මේ වනවිට අතුරුදන් කළවුන් සංඛ්‍යාත්මකව ඉහළ අගයක් ගැනීම නිසා එවැනි අතුරුදන් කළවුන්ගේ ඥාතීන්ගේ ඞී.එන්.ඒ. සාම්පල පරීක්ෂණයක් සිදුකිරීමද දීර්ඝ කාලින කටයුත්තක් වනු ඇත. තවද කාබන් කාල නිර්ණයට යවන ලද්දේද ඇටසැකිලි කිහිපයක සාම්පල නිසා ඉතිරි ඇටසැකිලි සිය ගණනක කාබන් කාලනිර්ණ වාර්තා ලබාගැනීමේ ක්‍රියාවලිය ද දීර්ඝ, සංකීර්ණ හා වියදම් සහිත ක්‍රියාදාමයකි.