தமிழ்
English
Contact
Monday 6th May 2019    
ව්‍යාපාරිකයන් අතුරුදන්වීම - දකුණේ පොලිස් ප්‍රධානියා මූලස්ථානයට! | Lanka Views | Views of the truthLanka Views | Views of the truth

ව්‍යාපාරිකයන් අතුරුදන්වීම – දකුණේ පොලිස් ප්‍රධානියා මූලස්ථානයට!



දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන තාවකාලිකව පොලිස් මුලස්ථානයට මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

රත්ගම ප්‍රදේශයේ පුද්ගලයන් දෙදනකු ජනවාරි 23 වැනි දා පැහැරගෙන ගොස් මරා දමා ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමත් සමඟ පොලිස් ප්‍රධානියා මෙසේ මූලස්ථානයට කැදවා තිබේ.

ව්‍යාපාරිකයන් බව කියන එම දෙදෙනා පැහැර ගැනිමට සම්බන්ධ බව කියන සුඛෝපභෝගි වෑන් රථයද ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අක්මිමන දී අත්අඩංගුවට ගෙන ඇත. මෙම දෙදෙනා පැහැරගෙන ගියේ පොලිසියෙන් බවත් පසුව ඔවුන් මරා දමා ඇති බවටත් සදහන්වන ලිපියක් නිවෙස්වලට ලැබී ඇති බවද එම පුද්ගලයන්ගේ ඥාතීහු පවසති.