මරණීය දණ්ඩනය කිසිසේත් අනුමත නොකරන බවත් වැරදි මාර්ගයක ගමන් කළ අයකු නිවැරදි මාර්ගයට ගෙන ඒම පිණිස අවස්ථා තිබිය යුතු බවටත් ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
එම නිවේදනයේ වැඩිදුරටත් සදහන් වන්නේ කිසිදු කරුණක් උදෙසා මරණිය දණ්ඩනය නුසුදුසු බවට කතෝලික සභාව දරණ වර්තමාන ස්ථාවරය අනුව මෙම නිවේදනය නිකුත් කර ඇත. මරණ දණ්ඩණය මානව අභිමානයට හා මානව ගරුත්වයට මරු පහරක් බව පෙන්වාදෙන එම සංගමය වැඩිදුරටත් පවසන්නේ මරණීය දණ්ඩනය ලෝකයෙන්ම තුරන් කිරීම සඳහා කතෝලිකයන් ලෙස කටයුතු කරන බවයි.
ශ්‍රී ලංකා කතෝලික අගරදගුරු සංගමය විසින් නිකුත් කළ සම්පූර්ණ මාධ්‍ය නිවේදනය මෙසේය.